26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් - ගැසට්ටුව එළියට

දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් – ගැසට්ටුව එළියට

දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව,

  • දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම තොග මිල රු. 215ක් වන අතර උපරිම සිල්ලර මිල රු. 220ක් වේ.
  • දේශීය නාඩු සහල් සඳහා තොග මිල රු. 225ක් වන අතර උපරිම සිල්ලර මිල රු. 230ක් වේ.
  • දේශීය කීරිසම්බා සහල් කිලෝග්‍රෑම් එකක උපරිම තොග මිල රු. 255ක් වන අතර සිල්ලර මිල රු. 260ක් වේ.

ඒ වගේම, ආනයනික සහල් සඳහාද උපරිම මිල නියම කර ඇති අතර,

  • ආනයනික කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිල රු. 210ක්,
  • ආනයනික නාඩු සහල් සඳහා රු. 220ක්,
  • ආනයනික සම්බා සහල් සඳහා රු. 230ක් ලෙස නියම කර ඇත.

මෙම ගැසට් නිවේදනයේ සියලුම විස්තර පාරිභෝගික අධිකාරිය විසින් නිශ්චිතව සඳහන් කර තිබේ.