31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමන්ත්‍රී අර්චුනාට දැම්ම කොන්දේසිය

මන්ත්‍රී අර්චුනාට දැම්ම කොන්දේසිය

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඉදිරියේදී රෝගියෙක් වශයෙන් හැර වෙනත් කිසිදු හේතුවක් මත යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වීමට අවසර නොමැති බව යාපනය ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක කාර්යාලය මගින් දැනුම් දී තිබෙනවා .

මන්ත්‍රීවරයාට ඒරෙහිව යාපනය අධිකරණයේදී ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටි මන්ත්‍රී රාමනාදන් අරුචුනාට රුපියල් ලක්ෂයක ශරීර ඇප ඊයේ (16) දින නියම වූ අතර නඩුව එලඹෙන වසරේ (2025) පෙබරවරී 07 වනදාට කල් තැබීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහල මගින් මේ බව දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ .

එමෙන්ම යපනය අධිකරණය මගින් අර්චුනා මන්ත්‍රීවරයාට යපනය ශික්ෂණ රෝහලට අවසරයකින් තොරව ඇතුල් වීමට නොහැකි අතර ඇතුල් වන්නේනම් රෝහල් පාලනාධිකාරියෙන් අවසරයක් ලබාගත යුතු බවටද නියෝග ඉදිරිපත් කර තිබෙනවා .

එවන් පසුබිමක මන්ත්‍රී අර්චුනා යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුල් වන්නේනම් ඔහුට පහරදීමක් හෝ හිරිහැරයක් නොකොට ඔහුව යාපනය පොලීසියට භාරදීමට රෝහල් ආරක්ෂක අංශ දැනුවත් කොට ඇති බවයි .