― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsශල්‍යාගාර ලාම්පුවලින් රජයට පාඩු කළ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට අධිචෝදනා

ශල්‍යාගාර ලාම්පුවලින් රජයට පාඩු කළ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට අධිචෝදනා

ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට කෙරෙහි අධි චෝදනා පත්‍ර භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කර තිබෙනවා .

ශල්‍යාගාර විදුලි ලාම්පුවක තිබිය යුතු අවම පිරිවිතර පටහැනිවන ආකාරයට ශල්‍යාගාර විදුලි ලාම්පු තිස්පහක් මිලදී ගැනීම සඳහා ආයතනයක් නිර්දේශ කිරීමෙන් විත්තිකරු අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන දූෂණය නැමැති වරද කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබෙන බවයි වාර්තා වන්නේ .

මීට වසර නවයකට පෙර එනම් 2015 වසරේදී මෙම වරද කළ බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු සුභසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක මහතායි .