― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSocialසහල් ආනයනය අද රෑ 12 න් අවසන්

සහල් ආනයනය අද රෑ 12 න් අවසන්

විදේශ රටවලින් සහල් ගෙන්වීමට ලබා දී තිබෙන කාලය මේ මස 20වන දින රාත්‍රී 12.00න් අවසන් වන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

අද (17දා) දහවල් වන විට සහල් මෙට්‍රික් ටොන් 9,500ක් ආනයනය කර තිබෙන බවත්, එම සහල් තොග අතර කැකුළු සහල් මෙට්‍රික් ටොන් 3,300 ක් හා නාඩු සහල්  මෙට්‍රික් ටොන් 6,200ක් තිබෙන බවද පෙන්වා දෙයි. 

රජය විසින් පසුගිය 04වනදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදුන් අතර, මේ අනුව පසුගිය 10වනදා සිට සහල් ගෙන්වීම ආරම්භ විය.

මෙරටට රැගෙන ආ සහල්  කිලෝ හැත්තපන්දහසක පමණ ප්‍රමාණයක් පරිභෝජනයට නුසුදුසු වීම නිසා රේගු දෙපාර්තමේන්තුව විසින් නැවත රැගෙන යන ලෙසට ආනයනකරුවන්ට දැනුම් දීමට කටයුතු කළේය.

මෙම සහල් අතර ගුල්ලන් ගැසූ සහල් කිලෝ පනස්දහසක් හා කල් ඉකුත් වූ දින සඳහන් ලේබල් සහිත සහල් කිලෝ විසිපන්දහසක් ඇතුළත් විය.

රට තුළට රැගෙන එන සහල් තොග රේගුවෙන් නිෂ්‍කාශනය කිරීමේ කටයුතු කඩිනම්ව සිදුවන අතර, ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ, මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ, නිවාරණ හා සටහන්කර යන අංශ එකතුව විශේෂ වැඩපිළිවෙළක් තුළින් ඉතා ඉක්මනින් සහල් තොග රේගුවෙන් නිදහස් කිරීමට කටයුතු කරනු ලබයි.