30.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියගේ බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි

කෙහෙළියගේ බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර ඇති අතර, අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන් එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වන බව වාර්තා වේ.

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තියට අනුකූලව ඊයේ සිට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර ඇති අතර, අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.

මීට පෙරද, අදාළ විමර්ශන සම්බන්ධයෙන්, හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන්ගේ වත්කම් ගණනාවක් අත්හිටුවීමට කොමිෂන් සභාව කටයුතු කළේය