― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය නිල සංචාරයෙන් අනතුරුව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා.

එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් එකඟතාවයන්වල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළා.

එමෙන්ම උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

නැවත ලංකාව කිසි දිනක බංකොළොත් භාවයට පත්වීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ත් 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

“2028 වන විට අපට ණය ගෙවීමට  සිදුවන බවත් ඒ නිසා නැවත බංකොල්ලොත් වන බවත් මතයක් තිබෙනවා.මතක තබා ගන්න. 2028 දී තිබෙන්නේ අපේ ආණ්ඩුව.ඒ වගේම මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ” – ජනපති

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමකතා කළ කතාව අද පස්වරු 6ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ බලාපොරොත්තු වන්න.