28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති අනුර තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට

ජනපති අනුර තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි ඇත.

ජනාධිපතිවරයා සහ දූත පිරිස ඊයේ (17) රාත්‍රී 10ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණියා.

දූත පිරිස සමඟ එක්ව සිටි අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණිහ.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.

ඉකුත් 15 දින ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගිය අතර, එහිදී ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අනෙක් රාජ්‍ය ත්‍රාන්ත්‍රිතයින් සමඟ සාකච්ඡා පැවැත්වී, දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිය.