30 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අද (18) දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට, ඌව සහ මධ්‍යම පළාත්වල, සහ රත්නපුර, මඩකලපුව, අම්පාර, හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසනදී වැසි ස්වල්පයක් ඇතිවනු ඇත.

දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 30-40 පමණ වේගයෙන් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (18) උදෑසන වන විට දිවයිනට ඊසාන දිගින් පිහිටා ඇති අතර, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.