27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස්රථයක් යාපනයේදී ට්‍රැක්ටරයක ගැටෙයි – 3කට තුවාල

බස්රථයක් යාපනයේදී ට්‍රැක්ටරයක ගැටෙයි – 3කට තුවාල

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයක් අද (18) අලුයම කොඩිකාමම් ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක ගැටීමෙන් සිදුවූ අනතුරේදී තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව කොඩිකාමම් පොලීසිය පවසයි.

අනතුර යාපනය කොඩිකාමම් ප්‍රාදේශීය රෝහල අසලදී මාර්ගයේ ධාවනය වූ කුඩා ට්‍රැක්ටරයක ගැටීමෙන් සිදුව ඇති අතර, තුවාල ලැබූ අය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය සඳහන් කළේය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොඩිකාමම් පොලීසිය මෙහෙයුම් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.