25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය ජාලයේ කෙරුමෙකු වූ රන්පැටීගේ ගෝලයෝ කොටුවෙයි

මත්ද්‍රව්‍ය ජාලයේ කෙරුමෙකු වූ රන්පැටීගේ ගෝලයෝ කොටුවෙයි

දැනට විදේශගතව සිටින මහාපරිමාණ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන රන්පැටී ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයින් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පුෂ්පාරාම උප කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඒ.සි. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

එහි දී දැනට විදේශගතව සිටින මහපරිමාණ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන්පැටී ගේ මත්ද්‍රව්‍ය ඉබ්බාවල ප්‍රදේශයේ පුරා බෙදා හරින ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 21 සහ 44 ක් වන පුද්ගලයින් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 780 ක් සහ ජංගම දුරතකන 02 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා..