28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිමෙන්ති සංස්ථාවට නව සභාපතිවරයෙක්

සිමෙන්ති සංස්ථාවට නව සභාපතිවරයෙක්

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 37ක අත්දැකීම් ඇති ප්‍රියන්ත පීරිස් මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

1986 වසරේ බැංකුකරණ ක්ෂේත්‍රයට ඇතුළුවූ ඔහු, මූල්‍ය හා බැංකුකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇතිව ශ්‍රී ලංකාව, ඕමානය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) පුද්ගලික බැංකුකරුවෙකු ලෙස වසර 37ක විශිෂ්ට සේවා පළපුරුද්දක් ලබාගෙන ඇත.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ප්‍රියන්ත පීරිස් මහතා, ඇමරිකාවේ Missouri අන්තර්ජාතික විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පිළිබඳ MBA උපාධිය ලබාගෙන ඇත.