31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentඅධිවේගී මාර්ග අනතුරු 12කින් මේ වසරේ 16 දෙනකු ජීවිතක්ෂයට

අධිවේගී මාර්ග අනතුරු 12කින් මේ වසරේ 16 දෙනකු ජීවිතක්ෂයට

අධිවේගි මාර්ගවල මේ වසරේ මෙතෙක් සිදු වූ මාරක රිය අනතුරු 12කින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, 5 දෙනෙකු බරපතළ තුවාල ලබා, තවත් 77 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිවේදි කේ.බී. මනතුංග මහතා සඳහන් කරනවා.

එසේම, අධිවේගි මාර්ගවලදී සිදුවූ රිය අනතුරුවලින් දේපළ හානි 404ක් වාර්තා වී ඇති බවත්, එම අනතුරු බොහෝ දුරට වේගය පාලනය කරගත නොහැකිව සිදුවූවක් බවත් ඔහු පෙන්වා දෙයි. ඔහුගේ මතය අනුව, මෙම අනතුරු බොහෝ විට වළක්වාගත හැකි අනතුරු බවට පත්ව තිබේ.

අනතුරුවලට හේතු වූ මූලික කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, අපරීක්ෂාකාරි සහ නොසැලකිලිමත් රිය ධාවනයක් හා රියදුරුට ඇතිවූ අධික තෙහෙට්ටුවක් ලෙස දෙකක් ප්‍රධාන හේතු වී ඇති බවයි.

එබැවින්, අධිවේගි මාර්ගවලදී මාර්ග නීති උල්ලංඝනය නොකරන ලෙසත්, සාමාන්‍ය මාර්ගවලට සාපේක්ෂව අධිවේගි මාර්ගයේ වේගය වැඩි බැවින් අනතුරක් සිදු වුවහොත් ජීවිත හානියක් ඇති විය හැකි බව සිහි තබාගන්නා ලෙසත් ඔහු රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

එසේම, කිසිම අවස්ථාවක තෙහෙට්ටුවෙන් රිය ධාවනය නොකරන ලෙසත්, සෑම විටම මාර්ග නීතිවලට අනුගතව පාලනය කළ හැකි වේගයකින් රිය ධාවනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.