28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය නාවික හමුදා බෝට්ටුවක් මගී යාත්‍රාවක ගැටී 13ක් මරුට

ඉන්දීය නාවික හමුදා බෝට්ටුවක් මගී යාත්‍රාවක ගැටී 13ක් මරුට

ඉන්දීය නාවික හමුදාවට අයත් වේග යාත්‍රාවක්, මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇත.

මෙම අනතුර ඉන්දියාවේ මුම්බායි නගරය ආසන්නයේ වෙරළට ඔබ්බෙන් සිදුවූ අතර, මියගිය පිරිස අතර නාවික හමුදා සෙබලෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි 110 දෙනෙකු අතරින් අනතුරට ලක්වූවන්ගේ බොහෝ දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර, නාවික හමුදා යාත්‍රාවේ සිටි 05 දෙනෙකු ද මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුරට පසු බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් 4ක් සහ නාවික යාත්‍රා 11ක් යොදවා තිබුණි.

වාර්තාවලට අනුව, නාවික හමුදා යාත්‍රාවේ එන්ජින් අත්හදා බැලීමේදී පාලනය අහිමි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන් වේ.

මගී යාත්‍රාවේ පිරිස එලිෆන්ටා දූපත බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන්නේය. එලිෆන්ටා දූපත, හින්දු මිථ්‍යා කතා සහ ගුහාවලින් පිරුණු විහාරස්ථාන ඇති ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන අතර, මුම්බායි නගරයට ඔබ්බෙන් පිහිටා ඇත.