27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඥානසාර හිමිට වරෙන්තු

ඥානසාර හිමිට වරෙන්තු

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර තිබූ නඩුවකට විත්තිකරුවකු ලෙස නම් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, එම නඩුව කැඳවූ අද (19) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුවේ තීන්දුව අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයට පෙනී සිටියේ නැත.

උන්වහන්සේ වෙනුවෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, ඥානසාර හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා, නඩු තීන්දුව ජනවාරි 09 වනදාට කල් තැබිය.

එක්සේම, ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.”