23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබූස්ස බන්ධනාගාරයේ ගැටුමකින් හතරකට තුවාල

බූස්ස බන්ධනාගාරයේ ගැටුමකින් හතරකට තුවාල

අද (19) පෙරවරු 11.45ට පමණ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රැඳවියන් සිව් දෙනෙකු තුවාල ලබා, ඔවුන් බූස්ස බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

මෙම ගැටුමට මීටියාගොඩ පොලිස් වසමේ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටි රැඳවියන් සිව් දෙනෙකුට, බන්ධනාගාරයේ තවත් රැඳවියන් පිරිසක් පහර දී තියුණු ආයුධවලින් තුවාල සිදු කිරීම හේතුවක් වී තිබේ.

මෙම තුවාල ලැබූ රැඳවියන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර සඳහා බූස්ස බන්ධනාගාර රෝහල වෙත මාරු කරනු ලැබීය.

ගැටුම සම්බන්ධයෙන් ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා තිබූ අතර, පස්වරු දක්වා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධිය පිළිබඳව ගාල්ල මූලස්ථාන පොලීසිය විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇත.