― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය

ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය සඳහා කැබිනට් අනුමැතිය

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන්, අයැතිකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් උපරිමයකට යටත්ව, 2025 ජනවාරි 31 දින හෝ ඊට පෙර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට අවසර ලැබී තිබේ.

මෙම ආනයනයේ අරමුණ දේශීය ලුණු නිෂ්පාදකයින් මගින් වෙළෙඳ පොළට සැපයීම සඳහා ය. අදාළ යෝජනාව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලදී.

රටේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේ දේශීය වෙළෙඳ පොළේ ගෘහ හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ලුණු හිඟයක් ඇතිවිය හැකි බවට සිදුකළ නිරීක්ෂණය මත මෙම තීරණය ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.