― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඇමති විජිතගෙන් විපක්ෂයේ එට්කා චෝදනාවලට පිළිතුරු

ඇමති විජිතගෙන් විපක්ෂයේ එට්කා චෝදනාවලට පිළිතුරු

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේ දී දෙරටට වැදගත් වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඒ වගේම එට්කා පිළිබද කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඇතැම් කණ්ඩායම් දේශපාලන අවශ්‍යතා මත විවිධ එකඟතා ගිවිසුම්වලට එළඹ ඇති බවට මත පළකරන බවයි එම සංචාරය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් දෙකකට පමණක් එළඹුණු බවත් විජිත හේරත් මහතා සඳහන් කළා.

රාජ්‍ය සේවකයින් 1,500ට ඉන්දියාවේ පුහුණුව ලබාදීම සහ දෙරට අතර පවතින බදු ක්‍රමවල ද්විත්ව බදු ලිහිල් කිරීමේ අවබෝධතා ගිවිසුම් දෙක ඒ අතර වනවා.

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව විසදීම සඳහා වන එකඟතා පිළිබදව ද සංචාරය අතරතුර සාකච්ඡා කර තිබෙනවා.

මේ වනවිටත් දෙරටේ ධීවර අමාත්‍යංශ මට්ටමෙන් සාකච්ඡා වට 6ක් පවත්වා අවසන්.

ඉන්දියාවේ ආයෝජන මගින් සිදුකරන නිවාස ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමටත් එකඟත්වය පළවී තිබෙනවා.

මහව ඕමන්තේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ඉන්දීය ණය යෝජනාවක් ලෙසයි ආරම්භ වුණේ. එය ප්‍රදානයක් බවට පත්කරන බව ඉන්දීය බලධාරීන් සඳහන් කළා.

කරෙයිනගර් බෝට්ටු සංකීර්ණයද ප්‍රදානයක් ලෙස ලබාදීමටයි එකඟතාව පළවුණේ.

ඉන්දියාව –  ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තෙල් නල ඉදිකිරීමේ යෝජනාව ගැන ද අදහස් පළවී තිබෙනවා.