― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඇමරිකාවේ අපේක්ෂාව 

ඇමරිකාවේ අපේක්ෂාව 

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව වන බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය සදහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හමුවීම සඳහා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අද(20) පැමිණි අවස්ථාවේ දී ය.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණි.

එහිදී තව දුරටත් තානාපතිවරිය සඳහන් කර සිටියේ දේශපාලන බලපෑම් වලින් තොරව නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහය අගය කරන බවත්‍, මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවත්, සයිබර් අවකාශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගීතාවය ලබා දීමට සූදානම් බවත් ය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාද සහභාගී විය.