28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට සුවිශේෂී සංශෝධනයක් කිරීමට අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව, ඡන්දය හිමි සාමාජිකයින්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩුකිරීමට විශේෂම අනුමැතිය ලැබී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඡන්ද අයිතිය තීරණය වන්නේ සෑම ක්‍රිකට් සමාජයකම ක්‍රීඩා කටයුතු මට්ටම අනුව බවයි.

සංශෝධනයකට අනුව, සෑම ක්‍රිකට් සමාජයකට හෝ සංගමයකට එක් ඡන්දය බැගින් ලබාදෙන ලෙස ව්‍යවස්ථාවේ පනවනු ඇත. මෙම සංශෝධනය සකස් කිරීමට විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර, එම කමිටුවේ නිර්දේශ 2024 ජූනි මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාරදී තිබුණි.

ඉන් අධික ත්, ඡන්ද අයිතිය හිමිවිය යුතු ක්‍රිකට් සමාජ සම්බන්ධ නිර්දේශවලට ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු විය. මූල්‍ය කළමනාකරණය හා විනිවිදභාවය ශක්තිමත් කිරීම පිළිබඳවද අද පැවති රැස්වීමේදී සාමාජිකයින් එකඟතාවක් ලබාදී තිබුණි.