22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅද සිට විශේෂ රථ වාහන පරීක්ෂාවක්

අද සිට විශේෂ රථ වාහන පරීක්ෂාවක්

අද (23) දිනයේ සිට වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

මීට සමගාමීව අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර ඒ සඳහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් රාජකාරි යොදවා ඇති බවයි පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධව 119 හා 1997 යන කෙටි දුරකථන අංක වලට තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව පවතිනවා.

අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකථන අංකය වෙත හෝ පහත සඳහන් අනෙකුත් රථවාහන කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකථන අංක වෙතද තොරතුරු ලබාදීම සිදුකළ හැකියි.

මාර්ග නීති රීති උල්ලංඝන කිරීම් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් එම වීඩියෝ පටද වස්ඇප් මගින් එම දුරකථන අංක වෙත යොමු කිරීමට හැකියාව පවතින අතර එම තොරතුරු අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

අද (23) දින සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය 0718591741,

රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂ 0718591967,

බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ටාසයේ අධ්‍යක්ෂ 0718592857,

බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718592278 යන දුරකතන අංකවලට ඇමැතිය හැකියි.