ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, 2024 නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය -1.7% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, 2024 ඔක්තෝබර් මාසයේදී උද්ධමනය -0.7% ලෙස වාර්තා වූ බවයි.
එවකට, 2024 ඔක්තෝබර් මාසයේ 1.3% ලෙස සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේදී 0% දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -2.3% සිට -3.1% දක්වා පහළ ගොස් ඇති බව නවතම දත්ත වලින් අනාවරණය වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව මෙය තහවුරු කරයි.