25 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාඇළ තවත් වෙඩි තැබීමක්

ජාඇළ තවත් වෙඩි තැබීමක්

ජාඇළ ශාන්ත ආනා ප්‍රදේශයේ නිවසක් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

අද (24) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති අතර, නිවසේ ගේට්ටුව සහ බිත්තිවලට හානි සිදුවී තිබේ.

අදාළ නිවසට පසුගිය 15 වන දින රාත්‍රියේ ද යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද සදහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ජාඇළ පොලීසිය මගින් ආරම්භ කර තිබේ.