30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු විය.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

ප්‍රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි.

අනතුරුව 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසුණේ ය.

හෙට දවසේ අප දෙදෙනා, අදුර අදුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, ඈත රන් විමන්, ප්‍රණීත මී බිඳු, ඇතුළු ගී රැසකින් ඔහු ජනාදරයට පත් වුණි.