28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරකරුවන් 389කට විශේෂ රාජ්‍ය සමාව

සිරකරුවන් 389කට විශේෂ රාජ්‍ය සමාව

හෙටට (25) යෙදෙන නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 389 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව හිමිවී ඇත.

ජනාධීපතිතුමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ.

සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන් මෙම නිදහසට හිමිකම් කියන බවත් ඒ් අතරින් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම නිසා බන්ධනාගාර ගත වූ සිරකරුවන් 364 දෙනකු ,ගෙවමින් පවතින දඩය අහෝසි වීම මතනිදහස ලබා ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී.දිසානායක මහතා කියයි.

මෙලෙස නිදහස ලබන සිරකරුවන්ගේන් 04 දෙනකු කාන්තාවන්වේ. වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස ලබන්නේ මහර බන්ධනාගාරයෙනි. එම සංඛ්‍යාව 48කි. වාරියපොළ බන්ධනාගාරයෙන් සිරකරුවන් 45ක්ද ,වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 41ක්ද හෙට නිදහස ලබා පිටව යයි.

ඒමෙන්ම අනුරාධපුරය බන්ධනාගාරයෙන් සිරකරුවන් 33ක්ද,කුරුවිට බන්ධනාගාරයෙන් සිරකරුවන් 20ක්ද,ගාල්ල,බෝගම්බර සහ යාපනය බන්ධනාගාරවලින් සිරකරුවන් 17 බැගින්ද ,පොළොන්නරුව බන්ධනාගාරයෙන් සිරකරුවන් 13ක්ද වශයෙන් මෙරට බන්ධනාගාර ආයතන 29 කින් සිරකරුවන් 389 දෙනකු නත්තල් දිනයදා නිදහස ලබා පිටව යාමට නියමිතය.