සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරග අද (30) පැවැත් වෙනවා.
දෙරට අතර පැවති පළමු තරගයේ ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායමට හැකි වූ අතර, තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වනවා.
පළමු තරගය පැවැත් වූ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී අද තරගයත් පැවැත්වෙන අතර; මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම පළමු තරගය සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ම එක්කර ගනු ඇති බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වන්නේ.
අද තරගය පැවැත්වෙන බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී මේ දක්වා 20-20 ජාත්‍යන්තර තරග 18ක් පවත්වා ඇති අතර, ඉන් තරග 12ක් ජයගෙන ඇත්තේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමයි.
දෙවනුවට පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 03ක් පමණක් බවයි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දත්ත වාර්තාවල දැක්වෙනේ.
බේ ඕවල් තණතීරුව පිතිකරුවන්ට හිතකර එකක් වන අතර, පළමු ඉනිමේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 160 කට ආසන්න වී තිබෙනවා.
දෙරට අතර පැවති පළමු තරගය තියුණු සටනකින් පසු ලකුණු 08කින් ජය ගන්නට නවසීලන්ත කණ්ඩායමට පෙරේදා හැකියාව ලැබුණා