― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයට නිදහස් ලකුණු ලබා දීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයට නිදහස් ලකුණු ලබා දීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිටවු ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබාදිමට ගෙන ඇති තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තින්දු කළා.

මේ අතර විශේෂඥයින් ඉදිරිපත් කර ඇති නිර්දේශ තුන අතරින් සුදුසු නිර්දේශයක් වහාම ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් විභාගය පැවැත්විමට පෙර පිටවිම සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබුණා.

එම ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබාදිමට තීරණය කෙරුණද ඊට එරෙහිව දෙමව්පියන් විසින් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කෙරුණා.

එම පෙත්සම් 4 ක් විභාග කිරිම යසන්ත කෝදාගොඩ,  කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (31) සිදු කෙරුණා.

පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් පිටවිම හේතුවෙන් එම ප්‍රශ්න 3 සඳහා විභාගයට පෙනිසිටි සියලු සිසුන්ට නිදහස් ලකුණු ලබාදිමට රජය ගෙන ඇති තිරණයෙන් අසාධාරණයක් සිදුවන බවයි.

ඒ තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම ප්‍රශ්න පිටවිමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි ජි එස් ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන 3 ක් සහ චමින්ද කුමාර ඉලංගසිංහ විසින් රුපියල් මිලියන 2 ක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31)  නියෝග කළා.