27 C
Colombo
Tuesday, April 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළාත් රැසකට විටින් විට වැසි

පළාත් රැසකට විටින් විට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට, සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර, නැගෙනහිර සහ ඌව පළාත්වල හා මාතලේ, නුවරඑළිය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ, සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 30-40ක් පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කිරීමට ජනතාවගෙන් අවශ්‍ය ආරක්ෂාත්මක පියවර ගැනීමට කාරුණිකව ඉල්ලා සිටියි.