හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වා පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (3) නියෝග කළේය.
කොමිසම සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන් සතු රුපියල් මිලියන 97ට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් මීට පෙර මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණි.
අදාළ නියෝගය අද දින අවසන් වීමට නියමිතව තිබූ අතර, අල්ලස් කොමිසම විසින් එය දීර්ඝ කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය, නියෝගය අප්‍රේල් 02 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළේය.මෙම නියෝගය, අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බලා නිකුත් කර තිබේ.