“පොල් කඩනවා” යි කෑ ගසමින් ඉඩම් තුලට ඇතුලු වී එම නිවාස වල කිසිවෙකු නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු නිවාස කොල්ලකෑමේ නිරත වන සොරෙකු ජල්තර ප්රදේශයෙන් වාර්තා වන බව හංවැල්ල පොලිසිය පවසයි
එලෙස ජල්තර ප්රදේශයේ නිවසකට ඇතුළු වූ මෙම සොරා එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරාගෙන ඇතැයි ද පොලිසිය පවසයි
එම පුද්ගලයා අදාළ නිවස අසලින් “පොල් කඩනවා” යි කෑ ගසමින් යන ආකාරය සහ නිවසට ඇතුල්වන ආකාරයත් යළි නිවසින් පිටතට ගොස් පලා යන ආකාරයත් එම නිවසෙහි සවිකර තිබූ ආශ්රිත කැමරාවක සටහන්ව තිබුණි
මෙම සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම් දුරකථන අංක 0718591660 – ස්ථානාධිපති හෝ 0362255222 යන දුරකථන අංක වලින් පොලිසිය දැනුවත් කරන ලෙස හංවැල්ල පොලිසිය ඉල්ලා සිටියි