28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිරකරුවන් සම්බන්ධ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

සිරකරුවන් සම්බන්ධ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් ද මනුෂ්‍යයන් බැවින් සතුන් මෙන් ඔවුන්ව දම්වැල් දමා විවෘත අධිකරණයට රැගෙන නො එන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (02) අවවාද කළා.

එම අධිකරණය වෙත රැගෙනවිත් සිටි සැකකරුවන් පිරිසකට දම්වැල් දමා තිබෙන අයුරු නිරීක්ෂණය වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම අවවාදය කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

“සතුන් ලෙස දම්වැල්වලින් ගැට ගසා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න එපා. ඒකට මම කැමති නැහැ. ඒ අයත් මනුෂ්‍යයෝ. ඒ අයට මනුෂ්‍යයන් ලෙස සලකන්න” යනුවෙන් ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී පැවසුවා.

අධිකරණ සිරමැදිරිය තුළ නිසි ක්‍රමවේදයන්ට අනුව ඔවුන් රඳවා තබන ලෙස ද සිය අවවාදය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළ බවයි වාර්තා වන්නේ.