26.1 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි 

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි 

බණ්ඩාරවෙල–දියතලාව මාර්ගයේ අඹතැන්නවත්ත ප්‍රදේශයේදී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබේ.

කැබ් රථය දියතලාව මාර්ගය අසළ නවතා තිබියදී, පස් කණ්ඩියක් කඩාගෙන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර ඊයේ (05) පස්වරුවේ සිදුව ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල, ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි 44, 36, හා 14 වයස්වල පුද්ගලයින් තුන්දෙනෙකි.

මෙම අනතුරින් කැබ් රථයට ද දැඩි හානි සිදුව ඇති අතර, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.