30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාතර වෙඩික්කරුවන් ආ යතුරුපැදියක් හමුවේ

මාතර වෙඩික්කරුවන් ආ යතුරුපැදියක් හමුවේ

වැලිගමදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදියක් වැලිගම මූනමල්පේ ප්‍රදේශයේ වැවක දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. මාතර බන්ධනාගරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය සිරකරුවාගේ දේහය තැන්පත් කර ඇති තුර්කි ගම්මානයේ පිහිටි නිවසට පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් (03) රාත්‍රියේ ගොස් තිබුණි.

අනතුරුව, අද අලුයම 1ට පමණ එම පිරිස නැවත නිවෙස්වෙත පා ගමනින් පැමිණෙමින් සිටියදී වැලිගම, කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව පොලීසිය සඳහන් කරයි. යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් රිවෝල්වරයකින් හා ටී-56 වර්ගයේ ගිනිඅවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බව පොලීසිය සැකකරයි.

එහිදී පාගමනින් ගමන්කරමින් සිටි පස්දෙනාගෙන් දෙදෙනෙකුට තුවාල සිදුවී, පසුව ඔවුන් මාතර, වලාන රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල්ගත කිරීමේදී එක් අයෙක් මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා 26 හැවිරිදි, කප්පරතොට ප්‍රදේශයේ පදිංචි ආකාෂ් තාරුක නම් තරුණයෙක් වන අතර, තුවාල ලැබූ තරුණයා 29 හැවිරිදි, සෙහාන් දුලාංජල නම් පුද්ගලයෙකි. එම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බවත් පොලීසිය පවසයි.