28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරුවරු පුරප්පාඩු පවතින බවය.

අනුප්‍රාප්තිකයින් නොමැතිව ගුරුවරුන්ට මාරුවීම් ලබා ගැනීමට නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිංන් මහතා පවසන්නේය.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් ගුරුවරු බොහෝ දෙනෙකුට නවක ගුරුවරු බඳවා ගන්නා තෙක් සිටීමට සිදුව ඇති බවය