27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල, මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල, සහ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, නායයාම් සම්බන්ධ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වෙත නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ