26.9 C
Colombo
Thursday, March 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහානියට පත් වගාවන්ට වන්දි මුදල් නිදහස් කිරීමේ කටයුතු ඇරඹෙයි

හානියට පත් වගාවන්ට වන්දි මුදල් නිදහස් කිරීමේ කටයුතු ඇරඹෙයි

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් හි හානි පරීක්ෂාව අවසන් වී ඇති දිස්ත්‍රික්කවල වන්දි මුදල් නිදහස් කිරිමේ කටයුතු ආරම්භ වෙමින් පවතින බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ යටතේ පොලොන්නරුව , අම්පාර , ත්‍රිකුණාමලය, මුලතිව් , වවුනියාව යන දිස්ත්‍රික්කවලට අදාළ වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මඩකලපුව ඇතුලු සෙසු දිස්ත්‍රික්කවල වන්දි මුදල් ගෙවීම් කටයුතු ලබන පෙබරවාරි මුල සිට ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.