27.5 C
Colombo
Saturday, March 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsණය ගෙවීමට අපහසු ව්‍යවසායකයින්ට සහන පැකේජයක්

ණය ගෙවීමට අපහසු ව්‍යවසායකයින්ට සහන පැකේජයක්

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව , බැංකු සංගමය , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් එක්ව සහන පැකේජය සකස් කර තිබෙනවා.

ඒ සඳහා අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල සහාය ද ලැබී තිබෙනවා.

බලපත්‍ර ලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019 අප්‍රේල් පළමු වන දින හෝ ඉන් පසුව අදියර 3 කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇති ව්‍යවසායකයන් අදාළ ලේඛන සමග ලබන මාර්තු 31 වනදාට පෙර අදාළ බැංකු ඒකක සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම් එය ඔහු අදාළ සහන පැකේජයට ඇතුලත් වීමට සුදුසුකමක් වනවා.

කාණ්ඩ තුනක් යටතේ විශේෂ සහන ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා.

රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වඩා වැඩි ආංශික දායකත්වයක් දක්වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයයි.