27.5 C
Colombo
Friday, March 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්

වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව නිවේදනය කර ඇත.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට නියමිතය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල, උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල සහ හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

වාර්මාර්ග දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිකුත් කළ විශේෂ දැනුම්දීමකින් සඳහන් කළේ අද සිට නැගෙනහිර, උතුරු මැද හා උතුරු පළාත්වලට සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලට වැඩි තීව්‍රතාවයකින් යුත් වැසි ලැබීමට ඉඩ ඇති බවයි.

ඉදිරි දින කිහිපය තුළ වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බැවින් මේ පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු කරන ලෙස ඔවුන් දන්වා සිටිති.