දිවුලපිටිය නගරයේදී ගජමුතු 07ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
දිවුලපිටිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත පදනම්ව, ඊයේ (19) සවස සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම ගජමුතු රුපියල් කෝටි දෙකක් හා විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ සැකකරුවන් සතුව තිබී සොයාගත් ගජමුතු 07 හි බර ග්රෑම් 13ක් හා මිලිග්රෑම් 05ක් පමණ වන බවයි.
සැකකරුවන් වන්නේ මාතලේ සහ මහවෙල ප්රදේශවල පදිංචි වයස අවුරුදු 23ක් හා 33ක් වන පුද්ගලයන් දෙදෙනෙකි.
මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටී.