25.5 C
Colombo
Monday, March 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු අද

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතයි.

කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණා.

වික්ටර් අයිවන් මහතා සමාජ,  ආර්ථික,  දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් සිදුකළ මාධ්‍යවේදියෙකු වනවා.

රාවය පුවත්පතේ ආරම්භක කතෘවරයා ද වන්නේ වික්ටර් අයිවන් මහතායි.

දේශපාලන ඇතුළු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඒ මහතා කෘති විශාල සංඛ්‍යාවක් රචනා කර තිබෙනවා.

නොනිමි අරගලය,  චෞර රැජිණ,  දේශපාලනයේ පවුල හා කුලකය ඔහු රචනා කළ කෘති අතරින් කීපයක්.

වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකිරීමට නියමිත අතර ඒ අනුව අවසන් කටයුතු ගාල්ලේ දී අද (20)  සිදු කෙරෙනවා.