25 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතවත් බස් අනතුරක් 

තවත් බස් අනතුරක් 

සේරුනුවර පොලිස් වසමේ, සේරුනුවර-කන්තලේ මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරක් පිළිබඳ වාර්තා වී තිබේ. අද (20) අලුයම සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ කාත්තන්කුඩිය සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකටය.

මෙම අනතුර සිදුව ඇත්තේ පැවති අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන, මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී පෙරළීමෙන් බව පොලීසිය පැවසීය.
අනතුරට ලක්වූ බස් රථයේ මගීන් 49 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ රියදුරු, රිය සහයක ඇතුළු මගීන් 14 දෙනෙකු මුලින් සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබේ. පසුව රියදුරු සහ මගීන් 9 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත යොමු කර ඇත.
දැනට සිදුකර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම අනතුරට හේතුව බස් රථ රියදුරුගේ අප්‍රීක්ෂාකාරී රිය ධාවනය බවයි.
මේ සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.