25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් බස් අනතුරක් 

තවත් බස් අනතුරක් 

සේරුනුවර පොලිස් වසමේ, සේරුනුවර-කන්තලේ මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරක් පිළිබඳ වාර්තා වී තිබේ. අද (20) අලුයම සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ කාත්තන්කුඩිය සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකටය.

මෙම අනතුර සිදුව ඇත්තේ පැවති අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන, මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී පෙරළීමෙන් බව පොලීසිය පැවසීය.
අනතුරට ලක්වූ බස් රථයේ මගීන් 49 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ රියදුරු, රිය සහයක ඇතුළු මගීන් 14 දෙනෙකු මුලින් සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබේ. පසුව රියදුරු සහ මගීන් 9 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත යොමු කර ඇත.
දැනට සිදුකර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම අනතුරට හේතුව බස් රථ රියදුරුගේ අප්‍රීක්ෂාකාරී රිය ධාවනය බවයි.
මේ සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.