28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු

ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු

ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමිවනු ඇති බව වාර්තා වනවා. ඔහු බිග්බෑෂ් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර පන්දුව විසිකිරීමට යාමේදී ඇති වූ වැලමිට ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත වී තිබෙනවා.
ස්මිත් මේ වන විට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කළේය. ඕස්ට්‍රේලියාවේ නිත්‍ය නායක පැට් කමින්ස් සිය දෙවන දරුවාගේ උපත සහ වළලුකර ආබාධය හේතුවෙන් දැනටමත් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටින අතර, ඒ හේතුවෙන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේ වැඩබලන නායක ලෙසින් පසුගියදා පත් කරන ලදී.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.