නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි.
නීතිවිරෝධීව කොටස් එකලස් කර ව්‍යාජ එන්ජින් සහ චැසි අංක යෙදූ ලොරි රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (19) හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව සැකකරු හපුතලේ පොලීසියට භාරදී තිබුණි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද (20) පෙරවරුවේ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සුවදුක් විමසීමට උසාවියට පැමිණ තිබුණි.