30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩවර්ජන, උද්ඝෝෂණවලින් තොර සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් ක්‍රියා කරනවා

වැඩවර්ජන, උද්ඝෝෂණවලින් තොර සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් ක්‍රියා කරනවා

වැඩවර්ජන, උද්ඝෝෂණවලින් තොර සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් නොපැකිලව ක්‍රියා කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරනවා.

සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකදීයී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

සියලු සෞඛ්‍ය වෘත්තීකයන්ගේ උපරිම කැපවීම හා උත්සාහ මත මෙරට සෞඛ්‍ය දර්ශකවල ඉහළ අගයන් පෙන්නුම් කරනවා.

ඔවුන් කරන සේවය අගය කරන අතර ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ගත හැකි නීත්‍යානුකූල හා සාධාරණ සියලු ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිලිව ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

වෘත්තීය ගැටලු සහ යෝජනා ඉතා සාධාරණ බව පැවසූ අමාත්‍යවරයා ඊට විධිමත් හා සාධාරණ විසඳුම් කඩිනමින් ලබා දෙන බව ද අවධාරණය කළා.