25.6 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයෝෂිත අද උසාවියට

යෝෂිත අද උසාවියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, ඔහු අද (27) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නීති විරෝධී ලෙස උපයා ගත් බවට චෝදනා ලැබූ මුදල් යොදවා දෙහිවල ප්‍රදේශයේ නිවසක් හා ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබීය.
පැය තුනක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, එදින සවස අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලදී.
මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, එදිනම අධිකරණය හමුවට නැවත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කරන ලදී.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා තැබීමට කටයුතු කර තිබිණි.