යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද (28) දින සිට නැවත දැනුම්දෙන තුරු දේශන වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල ආචාර්යවරුන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹී ඇති බව වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (27) පැවති රැස්වීමෙන් අනතුරුවය.
සිය ඉල්ලීම් සඳහා සාධනීය ප්‍රතිචාරයක් ලැබෙන තෙක් දේශන වර්ජනය කරන බව එම සංගමය තවදුරටත් පවසා සිටී.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් මෙසේය:
- කලා පීඨයේ පීඨාධිපතිවරයා විසින් විනය විරෝධී ක්‍රියා සිදුකළ සිසුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා පිළිගත යුතු අතර, ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කොට නැවත සේවයේ යෙදීමට නිදහස් පරිසරයක් සැලසිය යුතුය.
- විනය විරෝධී ක්‍රියා සිදුකළ සිසුන්ට එරෙහිව පසුගිය සභා රැස්වීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීම.
- පාලනාධිකාරිය විසින් අක්‍රමිකතා හා විනය විරෝධී ක්‍රියා සම්බන්ධ සාක්ෂි නොසලකා හැරීම, විනය ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීම සහ වැරදිකරුවන්ට දඬුවම්වලින් ගැලවීමට ඉඩ සැලසීම වහාම නතර කළ යුතුය.
- ගණිත හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දොරටු විනාශ කළ සිසුන් දෙදෙනාට එරෙහිව ක්‍රියාමාර්ග නොගත් පාලනාධිකාරිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. ශාස්ත්‍ර පීඨයේ විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සිසුන්ට එරෙහිව පියවර ගැනීම සහ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත් පාලනාධිකාරිය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් කරගත යුතුය.
- ශාස්ත්‍ර හා විද්‍යා පීඨවල විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පියවර නොගෙන ඉවත්ව යන විනය පාලක සභා සාමාජිකයන් කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති බැවින්, නව සාමාජිකයන් පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවිය යුතු අතර, මේ සඳහා විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම අවශ්‍ය වේ.
මෙම ඉල්ලීම් පහ ඉටුවන තෙක් කාලසීමාවක් නොදන්වා දේශනවලින් ඉවත්වන බව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු දන්වා සිටිති.