30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරතු සහල් සමඟ සුදු සහල් මිශ්‍ර කර විකිණීමේ ජාවාරමක්

රතු සහල් සමඟ සුදු සහල් මිශ්‍ර කර විකිණීමේ ජාවාරමක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රතු කැකුළු සහල් සම්බන්ධ වංචාවක් හෙළිදරව් කර තිබේ. ඔවුන්ගේ වාර්තා අනුව, සමහර ව්‍යාපාරිකයින් රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කරමින් සිටිති.

රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කරන බව අධිකාරිය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් බොහෝ පැමිණිලි ලැබී ඇති බවද වාර්තා වේ.

මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා වැටලීම් සිදු කිරීමට අධිකාරිය පියවර ගෙන තිබේ. දැනටමත් සහල් අධික මිලට විකිණීම සම්බන්ධයෙන් වැටලීම් 140කට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇත.

තවද, පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විසින් සති අන්තයේ සහ රාත්‍රී කාලයේද වැටලීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.