30 C
Colombo
Friday, August 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැසි තත්ත්වයේ වැඩිවීමක්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ අද (28) සිට දින කිහිපයක් තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තාවකාලිකව ඉහළ යා හැකි බවයි.

ඌව හා දකුණු පළාත්වල මෙන්ම අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

උතුරු හා උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් යාමේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.

නිරිතදිග ප්‍රදේශයේ අහස වළාකුළු සහිතව පවතිනු ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.