29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් ප්‍රේමය මාදම්පේ සලිත කරයි

අනියම් ප්‍රේමය මාදම්පේ සලිත කරයි

මාදම්පේ පැරණි නගර ප්‍රදේශයේ නිවසක සිදු වූ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 2025 ජනවාරි 28 වන දින දහවල් කාලයේදී සිදු වූ මෙම සිද්ධියේදී තියුණු ආයුධයකින් කපා තුවාල සිදු කර ඇත්තේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවකටය.

මාදම්පේ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව, වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් තුවාල ලැබූ දෙදෙනා හලාවත රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහිදී පිරිමි පුද්ගලයා මිය ගොස් තිබේ. මියගිය තැනැත්තා වයස අවුරුදු 60 ක මාදම්පේ පැරණි නගර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් විමර්ශනවලින් හෙළි වූ පරිදි, මෙම ප්‍රහාරයට හේතු වී ඇත්තේ අනියම් සබඳතාවක් බව සඳහන් වේ. ප්‍රහාරය එල්ල කර ඇත්තේ තුවාල ලැබූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසිනි. සැකකරු වන ඔහු එදිනම රාත්‍රී කාලයේදී මාදම්පේ පොලිස් වසමේ පට්ටියගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 45 ක් වන සැකකරු පට්ටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, මාදම්පේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.