31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටුවේ පොල් ගෙඩියක් 270යි.. දාහට ගෙඩි හතරක් බෑ.

කොටුවේ පොල් ගෙඩියක් 270යි.. දාහට ගෙඩි හතරක් බෑ.

පිටකොටුව ප්‍රදේශයේ පොල් මිල ඉහළ යාමක් ඇති බව වාර්තා වේ. සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කුඩා පොල් ගෙඩි රුපියල් 180-210ක් අතර මිලට අලෙවි වේ. ලොකු පොල් ගෙඩි රුපියල් 250-270ක් අතර මිලකට විකිණෙනු දක්නට ලැබේ.

සිල්ලර වෙළෙදුන්ට අනුව, තොග වෙළෙදුන්ගෙන් රුපියල් 190කට මිලදී ගත් පොල් ගෙඩිවලින් හානිවූ හෝ නරක් වූ ඒවා ඉවත් කිරීමෙන් පසු ගෙඩියක් රුපියල් 220කට අලෙවි කරන නමුත්, මෙයින් සැලකිය යුතු ලාභයක් ලබා ගැනීම අපහසු බව ඔවුහු පවසති.

මෙම තත්වය පාරිභෝගිකයින්ට බරපතල අභියෝගයක් එල්ල කර ඇති අතර, ඔවුන් අදහස් දක්වන්නේ මෙම ගැටලුවට විසඳුමක් ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි. පොල් මිල ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාවය ඔවුන් අවධාරණය කරයි.