27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙඩි වැදුණු ධීවරයින් බැලීමට ඉන්දීය කොන්සල් ජනරාල් යයි

වෙඩි වැදුණු ධීවරයින් බැලීමට ඉන්දීය කොන්සල් ජනරාල් යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි මහතා ජනවාරි 28 වන දින රෝහල වෙත පැමිණියේය.

සිද්ධියට අදාළව වාර්තා වන ආකාරයට, මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී, නාවික හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ගිනි අවි උදුරා ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇත.

නාවික හමුදාව විසින් තුවාල ලැබූ ධීවරයින් දෙදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, අනෙකුත් ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත් අඩංගුවට ගෙන යාපනය – කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දී තිබේ. වෙඩි තැබීම් දණහිසෙන් පහළට සිදු කර ඇති අතර, කිසිදු ධීවරයෙකුගේ තුවාල බරපතල නොවන බව වාර්තා වේ.

රෝහලේ සිටින තුවාලකරුවන් බැලීමට යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.